Skip to main content

Northern Provincial Council

උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගෙන් දීපවාලි සුභ පැතුම්

ආලෝක උත්සවය වන දීපවාලි, අන්ධකාරය දුරු කර ආලෝකය පතුරුවා හැරීමේ මාවත සිහිපත් කරයි. මෙම උත්සවය නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සහ ආදරය, එකමුතුකම සහ සාමය පවතින සමාජයක් නිර්මාණය කිරීමට දිරිගැන්වීමක් වේ.

එය අපගේ මනසින් සහ සමාජයෙන් අන්ධකාරය – නොදැනුවත්කම – ඊර්ෂ්‍යාව – නපුර දුරු කර ආලෝකය – දැනුම – ආදරය – ඇදහිල්ල පතුරුවන උත්සවයකි. මෙම සුබ දිනයේදී, සෑම කෙනෙකුගේම ජීවිතයේ බලාපොරොත්තුව සහ සතුට බැබළේවා.

උතුරු පළාතේ ජනතාවට මගේ හෘදයාංගම දීපවාලි සුබ පැතුම් පිරිනමමි.

මෙම දිනයේ ආලෝකය සැමගේ හදවත් සතුටින් හා සමෘද්ධියෙන් පුරවාත්වා.

සුභ දීපවාලි!