උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ උපස්ථායක (පිරිමි සහ ගැහැණු) – III ශ්‍රේණියේ තනතුර සඳහා පුරප්පාඩු 25ක් සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම සඳහා උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අයදුම්පත් කැඳවා ඇති බව කොමිෂන් සභාවේ ලේකම් ඒ.සිරි මහතා නිවේදනය කර ඇත.
වයස අවුරුදු 18 – 45 අතර, උතුරු පළාතේ ස්ථිර පදිංචිය ඇති, අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත්, විෂයයන් හයකින් සමත්, වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් දෙකක ප්‍රවීණතාවය සහ එක් වරකදී අවම වශයෙන් විෂයයන් පහකින් සමත් සහ තෘතියික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වෘත්තීය සුදුසුකම් මට්ටම 2 හෝ 3 (NVQ – 2 / NVQ – 3) ට නොඅඩු තනතුරට අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා ඇති අපේක්ෂකයින්ට ද මෙම තනතුර සඳහා අයදුම් කළ හැකිය. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2025.10.10 වේ.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ නිවේදනය උතුරු පළාත් සභා වෙබ් අඩවියේ
www.np.gov.lk ➡️ විභාග සහ බඳවා ගැනීම් ➡️ දැන්වීම ➡️2025
සබැඳිය හරහා නැරඹිය හැකි බව ද ඔහු සඳහන් කළේය.


